For BLE Student

Friday, January 29, 2010

(Y tu mama' tamble'n) ලොකයේ රාගාන්විතම චිත්‍රපටය

Y TU MAMA’ TAMBIE’N (AND YOUR MOTHER TOO)- 2001

Director – Alfonso Cuarion (Mexican film director)




ලෝක සිනමා ඉතිහාසයේ මා දුටු අති විශිශ්ට සිනමා නිර්මානයක් ලෙස මෙය හදුන්වා දියහැකියි


අතිශය වැඩිහිටියන්ට පමනක් වු තේමාවක් ඇතිව නිර්මානය කල මේ නිර්මානය තුල වැඩිහිටි කන්තාවක් සමග ඉතා ප්‍රායෝගික ලිංගික සම්බන්දතාවයක් ඇතිකරගන්නා බාල වයස් කරුවන් දෙදෙනෙකු ගැන කියවේ

මේ නිර්මානය තුලින් අඩ්‍ය්ක්ශකවරයා පෙන්වා දෙනවා ඔහු කොතරම් නිර්බීත ඉදිරිපත් කරන්නෙක්ද යනවග

අපිට හුරු පුරුදු තුන්වෙනි ලොකයේ චිත්‍රපටි කලාව තුල අපි හැමදාම දකින වැඩිහිටියන්ට පමනයි ලේබලය අලවගත් චිත්‍රපටි මගින් ඇතිකර ඇති අප්‍රිජනක ආකල්පය ඉවත්කර චිත්‍රපටිය මගින් ඇත්තටම යමක් කලහැකිබව පෙන්වා දෙනු ලබනවා.


මෙම චිත්‍රපටිය තුල මානව සබදකම් ඉතා ප්‍රයොගික හා තාත්වික ක්‍රමයකට ඉදිරිපත් කරනවා


අද සමහර තුන්වෙනි ලොකයේ නිර්මාන කරුවන් මේ ආකරයේ උත්සහයන් ගන්න නමුදු ඔවුන් සමාජය තුල ගැරහුමකට ලක්විම මිස ඔවුන්ගේ නිර්මාන තෙරුම් ගැනිමකට උත්සහයක් ගත්බවක් පෙන්වාදිමට නොහැක.
 
චිත්‍රපටිය තුල ප්‍රධාන චරිතයට පනදෙන නිලිය කොතරම් දුරට නිර්මානකරුවගේ අදහස් අදුනා ගත්තාද කියා සලකා බැලුවහොත් මගේ අදහස නම් ඇය නිර්මානකරුවා හදුනගත්තා නොව ඇය චිත්‍රපටිය මගින් ඇගේ සරාගි සිතුවිලි ඉතා සන්වරව ඉශ්ටකරගත් බවයි.


ඇය ඇත්ත්ටම ඇගේ වයසේ කාන්තාවකට ලාබාල තරුණ කොලුගැටවු දෙදෙනෙකුගේම පහස ලබුන විට ක්‍රියා කරන නියම ආකාරය පෙන්වනවා.

මෙම කතාවේ තවත් සැගවුනු අර්තයක්ද පෙන්වා දියහැකියි, අද තරුණ්යය තුල අදරය කොතරම් දුරට වල්මත්වි අඳුරු අගාදයකට ඇද දමාතිබේද, එ තුල කොතරම් දුරට ආදරය වෙනුවට රාගය මුල්තැන ගෙන තිබේද... 

මේ මැක්සිකානු නිර්මාන කරුවා අපට නව අරුතක සිනමාවක් (මස් ගොඩවල් වලින් තොර රාගයක්) ලබාදී අපි ඔහුට තුති පුදමු..


ඔබ මෙම චිත්‍රපටය නොබැලුවෙනම් මගේ download page මගින් සම්පුර්න චිත්‍රපටිය ගෙන බලන්න......




තවත් චිත්‍රපටියක් සමග හමුවෙමු...................

No comments:

Post a Comment